• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයෙහි නවීකරණ කටයුතු
- ලොව ඇති විශාලතම ග්‍රහලෝකාගාර අතුරින් එකක් වන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මීටර් 23ක විෂ්කම්භයකින් යුත් අර්ධ ගෝලාකාර පියසකින් සහ එකවර 500 දෙනෙකු සඳහා ආසන පහසුකම්වලින් සමන්විත වේ. 1965 වර්ෂයේදී පෙර නිමි කොන්ක්‍රීට් ඉදි කිරීම් තාක්ෂණය යොදා ගනිමින් ඉදි කරනු ලැබ ඇති මෙම ග්‍රහලෝකාගාර ගොඩනැඟිල්ල මෑත කාලයේදී නවීකරණය කිරීමට බඳුන් කර නොමැත. ඒ අනුව, එහි පියස්සෙහි සහ ඒ ආශ්‍රිත කොටස්වල සිදු කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇති අලුත්වැඩියා කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.