• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගංවතුර හා නායයාමේ ආපදා හේතුවෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සහ එම පවුල් සඳහා නිවාස ඉදි කිරීමේදී යොදා ගත යුතු නිවාස සැලසුම්
- 2017 වර්ෂයේ මැයි මස දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් රත්නපුර, කළුතර, ගාල්ල හා මාතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක සිදුවූ ගංවතුර හා නාය යෑම් ආපදාවන්ගෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.

මෙම වැඩසටහන යටතේ අවතැන් වූ තැනැත්තන් නැවත පදිංචි කිරීමේදී අදාළ ආයතන විසින් අනුගමනය කළ යුතු 'මාර්ගෝපදේශ' සහ ඉදි කරනු ලබන නිවාස සඳහා භාවිත කළ යුතු 'නිවාස සැලසුම්' ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් සකස් කරනු ලැබ තිබේ. එකී මාර්ගෝපදේශ සහ නිවාස සැලසුම්වලට අනුකූලව ගංවතුර සහ නාය යෑම් ආපදාවන්ට බලපෑමට ලක් වූ පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.