• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කන්ද උඩරට උරුමය සුරැකීම
- කන්ද උඩරට උරුමයේ කේන්ද්‍රස්ථානයන් වන මධ්‍යම හා ඌව පළාත්වල පවතින විනාශ වී යමින් පවතින ‍ෙඑතිහාසික ස්ථාන සංරක්ෂණය කිරීමත්, උඩරට ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයූ කුඩා වැව්, අමුණු හා වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීමත්, උඩරට පාරම්පරික නැටුම්, ලෝහ කර්මාන්ත, ලාක්ෂා කර්මාන්තය, වේවැල්, පන් හා හණ ආදී හස්ත කර්මාන්ත ඇතුළත් ජනකලා සහ ශිල්ප ක්‍රම රැක ගැනීමත් ඉතා අත්‍යවශ්‍ය වේ.

ඒ අනුව, උඩරට සාම්ප්‍රදායික ගම සංවර්ධනය කිරීම, පැරණි ඓතිහාසික ස්ථාන ප්‍රතිසංස්කරණය හා කලා ශිල්ප ප්‍රවර්ධනය, ග්‍රාමීය වැව් හා වාර්මාර්ග ප්‍රතිසංස්කරණය සහ කෞතුකාගාර හා සංස්කෘතික මධ්‍යස්ථාන ඉදි කිරීම ඇතුළු විවිධ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. එම කටයුතු මෙහෙයවීම සඳහා 'කන්ද උඩරට උරුමය සුරැකීමේ අධිකාරිය' යනුවෙන් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් පාර්ලිමේන්තු පනතකින් පිහිටුවීම පිණිස සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.