• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගොඩනැඟිලි මත සවිකරන සූර්ය බල පද්ධති මඟින් සූර්ය බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
- 2020 වර්ෂය වන විට මෙගාවොට් 200ක විදුලිබලයක් සූර්ය බලශක්තිය මඟින් ජනනය කිරීම රජයේ අපේක්ෂාව වන අතර 2025 වර්ෂය වන විට එය මෙගාවොට් 1000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන 'සූර්ය බල සංග්‍රාම' වැඩසටහන යටතේ වහල මත සවි කරනු ලබන සූර්ය බලශක්ති උත්පාදන පද්ධති සඳහා සහන ණය ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහනට සහාය වෙමින් සූර්ය බල පද්ධති සඳහා වෙළඳ පොළ යටිතල පහසුකම් සංවර්ධනය, ණය ලබා ගත හැකි උප ව්‍යාපෘති පෙළගැස්ම සැකසීම, වාණිජ හා ගෘහස්ථ පාරිභෝගිකයින් ඇතුළු පාර්ශ්වකරුවන්ගේ දැනුම හා ධාරිතාව වැඩි කිරීම ආදී කටයුතු සඳහා සහන ණය ආධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති අතර ඒ සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.