• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන මඟින් පැවරී ඇති රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලතල පාර්ලිමේන්තුව විසින් ඵලදායීව ක්‍රියාවට නැංවීමේදී පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් වෙත අයවැය ක්‍රියාවලිය, ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍ය යෝජනා යනාදිය පිළිබඳ ස්වාධීන හා අපක්ෂපාතී විශ්ලේෂණයන් ලබා දීම ඇතුළු සේවා හා පහසුකම් සැලසීමේ ප්‍රධාන අරමුණින් 'පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක්' ස්ථාපනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.