• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම
- දැනට දිවයිනට බලපෑ ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පවුල් 500,000ක් පමණ පීඩාවට පත්ව ඇති අතර, එමඟින් එම ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපායන්ටද දැඩි බලපෑමක් එල්ල වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, පෙර වර්ෂවල නියං ආපදා තත්ත්වයන්හිදී කටයුතු කළ පරිදි මෙම බලපෑමට ලක් වූ පවුල් සඳහා සහන සැලසීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

ඒ අනු, දැඩි නියඟයේ බලපෑම හේතුවෙන් ජීවනෝපාය අහිමි වී ඇති පවුල් හඳුනාගෙන එම පවුල්වල සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය පොදු වැඩ සඳහා යොදවා ගැනීමේ පදනම මත, රුපියල් 5,000/-ක් වටිනා වියළි ආහාර සලාකයක් 2017 අගෝස්තු මස සිට මාසිකව එම පවුල් වෙත ලබා දීමටත්, සිදු වී ඇති වගා හානි සඳහා අදාළ රක්ෂණාවරණයන් යටතේ කඩිනමින් වන්දි ලබා දීමටත්, පානීය ජලය බෙදා හැරීමේ වැඩසටහන් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.