• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් සභා ඡන්ද පැවැත්වීමේ දින වකවානු සංශෝධනය කිරීම
- සියලු පළාත් සභාවලට අදාළ ඡන්ද විමසීම් එක් දිනක් තුළ පැවැත්වීමට හැකි වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ ඊට අදාළ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2017‑07‑25 දින අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.