• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෙර පාසල් අධ්‍යාපනය තුළින් සංහිඳියාව සහ සමානාත්මතාවය පදනම් කර ගත් සමාජ සාරධර්ම හා හර පද්ධතීන් සංවර්ධනය කිරීම
- ජාති, ආගම්, ස්ත්‍රී/පුරුෂ ආදී සමාජ විවිධත්වයට සාර්ථකව අනුගත වන සාරධර්මවලින් හෙබි අනාගත පරපුරක් බිහි කිරිමේ අරමුණින් පෙර පාසල් දරුවන්ගේ ජීවන කුසලතා නඟා සිටුවීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පෙර පාසල් දරුවන්ට පුද්ගල හා සමාජමය වටිනාකම් පිළිබඳ අවබෝධයක් ලබා දීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත, සතියකට පැය 1/2 බැගින් වූ පාඩම් මාලාවක් හඳුන්වා දීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.