• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගංවතුරෙන් හා නායයෑම්වලින් හානියට පත් වූ ප්‍රදේශවල පුනරුත්ථාපන හා නැවත ඉදි කිරීම් කටයුතු කඩිනම් කිරීම
- මෙම වසරේ මැයි මාසයේදී ඇති වූ ගංවතුර හා නායයාම් හේතුවෙන් මාතර, ගාල්ල, කළුතර, රත්නපුර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක ඇතුළු ප්‍රදේශ ගණනාවක් දැඩි ලෙස බලපෑමට ලක්විය. එම ප්‍රදේශවල ජනතාවගේ එදිනෙදා ජන ජීවිතය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා නැවත ඉදි කිරීමේ හා අනෙකුත් පහසුකම් සැපයීමේ කටයුතු කඩිනමින් සිදු කළ යුතුව ඇත.

ඒ අනුව කඩිනමින් සිදු කළ යුතු නැවත ඉදි කිරීමේ කටයුතුවලට අදාළ ‍රුපියල් මිලියන 50 නොඉක්මවන කොන්ත්‍රාත්තු අදාළ ඉංජිනේරු ඇස්තමේන්තු මත පදනම්ව හා ප්‍රසම්පාදන කමිටුවල අනුමැතියට යටත්ව, ඉදි කිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියෙහි (CIDA)ලියාපදිංචිය ලත් කොන්ත්‍රාත්කරුවන් වෙත ප්‍රදානය කිරීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමටත්, මධ්‍යකාලීනව සහ දිගුකාලීනව සිදු කළ යුතු අනෙකුත් සහන සැලසීමේ කටයුතු අදාළ අමාත්‍යාංශ සහ පළාත් සභා මඟින් ක්‍රියාත්මක කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.