• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුළං බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යාධාර ලබාගැනීම
- පිවිතුරු බලශක්ති උත්පාදනය සහ විදුලි සැපයුමේ විශ්වසනීයත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සුළං බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 256.7ක පිරිවැයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් සහනශීලී කොන්දේසි යටතේ සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වි සිටී. එම අරමුදල් ලබාගැනීම සඳහා අදාළ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.