• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග ව්‍යාපෘතිය (LRT) සඳහා ඉඩම් අත්පත් කරගැනීම සහ ඉන් බලපෑමට ලක් වන පාර්ශ්වයන් සඳහා වන්දි ගෙවීම
- කොළඹ නාගරික ප්‍රදේශයේ රථවාහන තදබදය අවම කරමින් පොදු ප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග (LRT) පද්ධතියක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ යටතේ ඉදි කෙරෙන පළමු සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග දෙකෙහි ඉදි කිරීම සම්බන්ධයෙන් වන ශක්‍යතා අධ්‍යයන දැනටමත් සිදු කෙරෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස ඒ සඳහා අවශ්‍ය ඉඩම් එකී ශක්‍යතා අධ්‍යයනය මඟින් හඳුනාගත් වහාම අත්පත් කරගැනීමේ කටයුතු ආරම්භ කළ යුතු වේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක් වන පාර්ශ්ව වෙත වඩාත් සාධාරණ වන්දි මුදලක් ලබා දීම මඟින් අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීම ප්‍රමාදයකින් තොරව සිදු කිරීමේ අරමුණින්, ඒ සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ හා නැවත පදිංචි කිරීමේ කමිටු (LARC) සහ ඉඩම් අත්පත් කරගැනීමේ හා නැවත පදිංචි කිරීමේ විශේෂ කමිටු (Super LARC) ක්‍රමවේදය අනුගමනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.