• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාරාහේන්පිට නව නගර සංවර්ධන ව්‍යාපෘතිය - කිරිමණ්ඩල මාවත
- නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිළියෙල කරනු ලැබ ඇති නව සංවර්ධන සැලැස්මට අනුව, නේවාසික, වාණිජ, විවේක, විනෝද කටයුතු හා පොදු පහසුකම් සහිත අංග සම්පූර්ණ තිරසර නාගරික ප්‍රදේශයක් ලෙස කොළඹ, නාරා‍හේන්පිට, කිරිමණ්ඩල මාවත ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීමට අපේක්ෂිතය. එකී සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා එම ප්‍රදේශයේ පිහිටි විවිධ රජයේ ආයතන විසින් භුක්ති විඳිනු ලබන ඉඩම් යොදා ගැනීමටත්, ඒ සඳහා විකල්ප ඉඩම් අදාළ රාජ්‍ය ආයතන වෙත වෙනත් ප්‍රදේශවලින් වෙන් කර දීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.