• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නුවරඑළිය තුරඟ තරග පිටිය බදු දීම
- සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය මඟින් පාලනය කෙරෙන නුවරඑළිය තුරඟ තරග පිටිය, තුරඟ තරග පැවැත්වීමේ කටයුතු සඳහා යොදාගැනීම පිණිස තුන්වන පාර්ශ්වයක් වෙත දැනට බදු දෙනු ලැබ ඇති අතර, එම බදු ගිවිසුමේ වලංගු කාලය 2017-12-31 දිනෙන් අවසන් වේ. දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගනිමින් ආයෝජන ප්‍රතිලාභ අත් කරගත හැකි ක්‍රීඩාවක් ලෙස තුරඟ තරග පැවැත්වීම ප්‍රවර්ධනය කළ හැකි අතර, ඒ අනුව ඉදිරි වර්ෂ 10ක කාලය සදහා මෙම තුරඟ තරග පිටිය බදු දීම පිණිස සුදුසු බදු ගැනුම්කරුවකු විවෘත ලංසු කැඳවීම මඟින් තෝරාගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.