• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 වර්ෂයේදී නොමිලේ බෙදාහැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම
- 2018 වර්ෂයේදී පාසල් සිසුන් අතර නොමිලේ බෙදා දීම සඳහා අවශ්‍ය විවිධ පාසල් පෙළපොත් 285කින් පිටපත් මිලියන 18.53ක ප්‍රමාණයක් මුද්‍රණය කිරීම සඳහා දේශීය මුද්‍රණකරුවන් වෙතින් විවෘත ලංසු කැඳවනු ලැබ තිබේ. අවම මිල, ලංසුකරුගේ මුද්‍රණ ධාරිතාව, නියමිත කාලයට සැපයීමට හැකිවීම යන කරුණු සැලකිල්ලට ගෙන, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති ආයතන 25ක් වෙතින් අදාළ පෙළපොත් මුද්‍රණය කරවා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.