• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හිල්ටන් හෝටලයේ (Hilton Hotel) හිමිකාරිත්වය ප්‍රතිව්‍යූහගත කිරීම
- අයිතිය පූර්ණ වශයෙන් රජය සතු හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගම මඟින් පාලනය කෙරෙන කොළඹ හිල්ටන් හෝටලය, රජයේ හිමිකම අවම කරමින් පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා ඉඩ සැලසිය හැකි රජයට උපායමාර්ගික වැදගත්කමක් නොමැති වත්කමක් ලෙස 2016 අයවැය යෝජනා මඟින් හඳුනාගනු ලැබ තිබේ. මෙම හෝටලයේ අනාගත සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ආයෝජනයන් සිදු කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින්‍ සම්බන්ධ කරගැනීම තුළින් පෞද්ගලික අංශයේ ආයෝජන දිරිගැන්වෙනු ඇති අතර, රජය සතු අරමුදල් වෙනත් සාමාජයීය හා ආර්ථික වශයෙන් වැදගත් වන කාර්යයන් සඳහා යෙදවීමට හැකි වනු ඇත.

ඒ අනුව, හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගමේ කොටස්වලින් 51%ක් සුදුසු ආයෝජකයකුට පැවරීම පිණිස කොළඹ කොටස් හුවමාරුවේ විශේෂ මණ්ඩලයකදී ලංසු ඉදිරිපත් කිරීම සඳහා තෝරාගත් ආයෝජකයින්ට අවස්ථාව සලසා දීමටත්, සමාගමේ කොටස්වලින් 4%ක ප්‍රමාණයක් එහි සේවකයින් සදහා වෙන් කිරීමටත්, ඉතිරි 45%ක කොටස් ප්‍රමාණය කොළඹ කොටස් හුවමාරුවේදී ස්ථාවර මිලකට විකිණීමටත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.