• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා වන සිව්මහල් ගොඩනැඟිල්ලේ ඉතිරි ඉදි කිරීම් කටයුතු
- පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා ඉදි කෙරෙන සිව්මහල් ගොඩනැඟිල්ලේ පළමු අදියරේ ඉදි කිරීම් කටයුතු මෙම වසර අවසානයට පෙර අවසන් කෙරෙනු ඇති අතර, ඊට සමාගාමීව එහි දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතුද කඩිනමින් ආරම්භ කළ යුතු වේ. දැනටමත් ස්ථාන කිහිපයක පවත්වාගෙන යනු ලබන පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විවිධ අංශ කඩිනමින් එක් ස්ථානයක ස්ථානගත කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, මෙම ගොඩනැඟිල්ලේ දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතුවලට අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.