• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රෝගීන්ගේ රුධිර පරිමාව අඩු වන අවස්ථාවන්හිදී ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන ඖෂධ මිල දී ගැනීම
- රෝගීන්ගේ රුධිර පරිමාව අඩු වන අවස්ථාවන්හිදී ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන සෝඩියම් ක්ලෝ‍රයිඩ් අන්තඃ‍ෛශරික ද්‍රාවණ බීපී 0.9% w/v හෝ සෝඩියම් ක්ලෝරයිඩ් එන්නත් යූඑස්පී, 0.9%w/v මිලිලීටර 500 බෝතල් 8,500,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2.54ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය(වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.