• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අඟුණකොළපැලැස්ස ජල සම්පාදන ක්‍රමයේ ප්‍රධාන පොම්පාගාරය සඳහා අවශ්‍ය උපාංග හා DI නළ සපයා බෙදා හැරීමේ කොන්ත්‍රාත්තුව
- අඟුණකොළපැලැස්ස, එරමිණියාය ප්‍රදේශයේ පිහිටුවන ලද නව බන්ධනාගාර සංකීර්ණය සඳහා සහ අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි පවුල් 2,000කට පමණ සුරක්ෂිත පානීය ජලය සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන අඟුණකොළපැලැස්ස ජල සම්පාදන ක්‍රමයේ ප්‍රධාන පොම්පාගාරය සඳහා අවශ්‍ය විවිධ උපාංග හා DI නළ සපයා බෙදා හැරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 166.74ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.