• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැ‍ඟෙනහිර පළාතේ පළාත් පාලන ආයතන සඳහා ජල බවුසර මිල දී ගැනීම
- නිරන්තරයෙන් ඇතිවන නියං තත්ත්වයන්ට ලක්වන, විධිමත් නළජල සැපයුමක් මඟින් ආවරණය නොවන වියළි කලාපයේ දූරස්ථ ප්‍රදේශවල වාසය කරනු ලබන ජනතාව වෙත සුරක්ෂිත පානීය ජලය සැපයීම සඳහා වන කෙටිකාලීන විසඳුමක් ලෙස බවුසර මඟින් ජලය සැපයීම හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම කාර්යය සඳහා අවශ්‍ය ජල බවුසර 23ක් නැ‍ෙඟනහිර පළාතේ පළාත් පාලන ආයතන වෙත මිල දී ගැනීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.