• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- යාපනය විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු තාක්ෂණය හා ජෛව පද්ධති තාක්ෂණ අංශය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව සහ එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා මහල් අටකින් (08) යුත් සායනික ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි, පිළිවෙළින් රුපියල් මිලියන 424.43ක මුදලකට හා රුපියල් මිලියන 564.67ක මුදලකට පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.