• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැවිලි ප්‍රජාව වෙත ඉඩම් හිමිකම සහ සුදුසු නිවාස පහසුකම් ලබා දීම
- ඉතාමත් අඩු පහසුකම්වලින් යුත් කුඩා නිවාසවල වාසය කරන වතුකරයේ ජනතාව වෙත පහසුකම් සැලසීමේ අරමුණින්, පර්චස් 07 බැගින් වූ ඉඩම් කොටසක් සඳහා නිරවුල් හිමිකම පිරිනමන ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන යටතේ නුවරඑළිය, බදුල්ල, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක, 2010 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා කාලය තුළ විවිධ නිවාස වැඩසටහන් යටතේ වතු ප්‍රජාව වෙනුවෙන් ඉදි කර දෙන ලද නිවාස සඳහා නිරවුල් හිමිකම් ඔප්පු ලබා දීමට අදාළව සකස් කරනු ලැබ ඇති ක්‍රියාකාරී සැලැස්ම කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, අමාත්‍ය මණ්ඩලය විසින් එම සැලැස්ම සැලකිල්ලට ගන්නා ලදී.