• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම (මහාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කිරීම)
- මෙරට අධිකරණ පද්ධතිය තුළ නඩු විසඳීමට අදාළව දක්නට ලැබෙන ප්‍රමාදයන් අවම කරමින් එම කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින්, මහාධිකරණ සඳහා දැනට අනුමත විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 75 සිට 85 දක්වා වැඩි කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.