• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්ති රාමුව ස්ථාපිත කිරීම
- ලෝක බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින්ට සහන සැලසීම පිණිස සකස් කෙරුණු සමාජ කළමනාකරණ රාමුව, අදාළ භූගෝලීය, ආර්ථික, සමාජ හා සංස්කෘතික සාධක කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් වැඩිදියුණු කරනු ලැබ තිබේ. ඒ අනුව, උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල සිදු කෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින් සඳහා හානිපූරණ දීමනා ගෙවීම සඳහා එලෙස වැඩිදියුණු කරන ලද නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තිමය රාමුව අදාළ කරගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.