• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් (e-Passport) හඳුන්වා දීම හා නිකුත් කිරීම
- විදේශ ගමන් බලපත්‍ර සැකසීමේ ක්‍රියාවලියට ජීව දත්ත ඇතුළත් කිරීම හඳුන්වා දීමට සමගාමීව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ‘විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක්’ (e-Passport) හඳුන්වා දීමේ මූලික කටයුතු ආරම්භ කරනු ලැබ ඇති අතර, එය ජාතික ඩිජිටල්කරණ වැඩසටහන යටතේද අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් හඳුනාගනු ලැබ තිබේ. මෙහිදී අයිතිකරුගේ ජීවදත්ත ඇතුළත් ආරක්ෂිත විද්‍යුත් චිපයක් (Chip) සහිත විද්‍යුත් ආකෘතියකින් යුත් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කෙරේ.

ඒ අනුව, විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමේ හා නිකුත් කිරීමේ ව්‍යාපෘතිය නිසි අධ්‍යයනයකින් අනතුරුව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.