• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු සමුළුව සඳහා කලාපීය ලේකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම
- සනීපාරක්ෂාව පිළිබඳව කරුණු සාකච්ඡා කෙරෙන වේදිකාවක් ලෙස, වසර දෙකකට වරක් සාර්ක් සංවිධානයේ රටවල් අතර මෙම සමුළුව පවත්වනු ලබයි. සනීපාරක්ෂාව පිළිබඳව වන ගැටලු විසඳීමේදී අවශ්‍ය දැනුම හා අත්දැකීම් දකුණු ආසියානු රටවල් අතර ‍ෙබදා හදා ගැනීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු සමුළුව සඳහා කලාපීය ලේකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.