• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උසස් අධ්‍යාපනය සඳහා වූ විශිෂ්ටත්ව මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
- ගෝලීය වෙළඳ‍ පොළ තුළ තරගකාරීව කටයුතු කිරීමේදී උසස් කළමනාකරණ නිපුණතාවලින් පිරිපුන්, නවීන තාක්ෂණයන් පිළිබඳ අවබෝධයක් ඇති වෘත්තීයමය ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතුව පැවතීම අත්‍යවශ්‍ය බව පෙනී ගොස් තිබේ. එබැවින්, මූලික වශයෙන් ඉංජිනේරු විද්‍යා පාසලක් හා ව්‍යාපාරවේද පාසලක් සහිත ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය බැඳුණු හවුල් ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනා වී තිබේ. එම කාර්යය සඳහා තාක්ෂණවේදය පිළිබඳ මැසචුසෙට්ස් ආයතනය (MIT), කැලිෆෝනියාහි බර්ක්ලි විශ්වවිද්‍යාලය වැනි ලෝකයේ ඉහළ මට්ටමේ විශ්වවිද්‍යාලවල සහයෝගය සහ පෞද්ගලික අංශයේ ආයෝජන ලබාගැනීම ඇතුළු අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා ලාභය අරමුණු කර නොගත්, ඇපයෙන් සීමිත සමාගමක් ස්ථාපනය කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.