• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමේ දින වකවානු සංශෝධනය කිරීම
- පළාත් සභා ඡන්ද විමසීම සියලු පළාත් සඳහා එකවර පැවැත්වීමේ පැවති ක්‍රමවේදය වෙනුවට පසුගිය කාලය තුළ වරින් වර පළාත් සභා ඡන්ද පැවැත්වීම හේතුවෙන් මූල්‍ය, මානව හා අනෙකුත් සම්පත් විශාල වශයෙන් අපතේ යාම, මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට අවශ්‍ය රජයේ සේවා සැපයීම ප්‍රමාද වීම, රට තුළ මැතිවරණ ආශ්‍රිතව ප්‍රචණ්ඩ ක්‍රියා, මැතිවරණ දූෂණ හා රජයේ දේපළ අවභාවිතවීම් වර්ධනය වීම වැනි අගතිදායක තත්ත්වයන් රාශියක් පැනනැඟී ඇත. මෙම ක‍රුණු සැලකිල්ලට ගෙන, සියලු පළාත් සභාවලට අදාළ ඡන්ද විමසීම් එක් දිනක් තුළ පැවැත්වීමට හැකි වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ ඊට අදාළ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.