• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව තුළ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් ස්ථාපිත කිරීම
- ශ්‍රී ලංකා රජය විසින් GVK EMRI ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සමඟ එළඹෙන ලද ගිවිසුමකට අනුව ඉන්දියානු රජයේ අනුග්‍රාහකත්වය යටතේ, හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් බස්නාහිර හා දකුණු පළාත්වල ස්ථාපිත කර වර්ෂයක කාලයක් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියක් 2016 ජූලි මස 29 වන දින ආරම්භ කරන ලදී. මේ යටතේ ගිලන් රථ 88ක් හදිසි පූර්ව රෝහල් ගිලන් රථ සේවයේ යොදවා ඇති අතර, 2017 අප්‍රේල් මාසය අවසන් වන විට එහි හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය විසින් දූරකථන ඇමතුම් 236,000ක් සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබ තිබේ. මිනිත්තු 12.52ක සාමාන්‍ය ප්‍රතිචාර කාලයකින් යුතුව දිනකට රෝගීන් 130 - 135ත් අතර ප්‍රමාණයක් මෙමඟින් මේ වන විට ප්‍රවාහනය කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන, එය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සැලසීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.