• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුනර්ජනනීය බලශක්තිය ලබාගැනීම සඳහා වූ සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය - නාවලපිටිය, රාගල, වේවැල්වත්ත හා මාලිබොඩ ග්‍රිඩ් උපපොළ 4 ඉදි කිරීම සඳහා ද්‍රව්‍ය හා භාණ්ඩ මිල දී ගැනීම
- ඉදිරියේදී ප්‍රධාන ජාලයට එක් කිරීමට නියමිත කුඩා ජල විදුලි බලාගාර මඟින් නිපදනවනු ලබන විදුලිබලය ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියට එක් කිරීම පිණිස නා‍වලපිටිය, රාගල, වේවැල්වත්ත හා මාලිබොඩ යන ප්‍රදේශයන්හි ග්‍රිඩ් උපපොළ 04ක් සහ ඊට අදාළ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදි කිරීම අවශ්‍ය වේ. මේ සඳහා අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබ ඇති අතර, ලැබී ඇති ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ එක් එක් කොන්ත්‍රාත් පැකේජය සඳහා වූ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.