• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා විදුලිබල මණ්ඩලය සඳහා අනුරාධපුර නගරයේ කාර්යාල සංකීර්ණයක් ඉදි කිරීම්
- අනුරාධපුර, මෛත්‍රීපාල සේනානායක මාවතේ පිහිටි, ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඉඩමෙහි කාර්යාල සංකීර්ණ ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වෙත රුපියල් මිලියන 213.4ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.