• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගි වන සංග්‍රාමික බල ඇණිය සඳහා අවශ්‍ය උපකරණ ප්‍රසම්පාදනය කිරීම
- මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි කරවීමට නියමිත සංග්‍රාමික බල ඇණිය සඳහා අවශ්‍ය උපකරණ ප්‍රසම්පාදනය කිරීම සඳහා සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ අනුව ඉදිරිපත් වූ ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති ආයතන 03ක් වෙතින් අදාළ උපකරණ මිල දී ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.