• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට වරායේ දෙවන අදියරේ ඉදි කිරීම් සඳහා පවරාගත් ඉඩම් වෙනුවෙන් ලබා දෙනු ලබන විකල්ප ඉඩම්වල යටිතල පහසුකම් සංවර්ධනය
- හම්බන්තොට වරායේ දෙවන අදියරේ ඉදි කිරීම් සඳහා පවරා ගනු ලැබූ ඉඩම්වල පදිංචිකරුවන් වෙත මේ වන විට විකල්ප ඉඩම් ලබා දී ඇති අතර, එම ඉඩම්වල මාර්ග, විදුලිය හා ජලය වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.