• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ජාතික ණය සුරැකුම් ආයතනයක් ස්ථාපිත කිරීම
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා දිගුකාලීන ණය සුරැකුම් ලබා දීම සඳහා ජාතික මට්ටමේ ක්‍රමවේදයක් නොමැති වීම නිසා නව ආයෝජන අවශ්‍යතා සඳහා අරමුදල් සපයා ගැනීමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. මෙම ගැටලුවට තිරසර විසඳුමක් ලබා දීමේ අපේක්ෂාවෙන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් නව ආයෝජන වෙනුවෙන් බැංකුවලින් ණය ලබාගැනීමේදී අවශ්‍ය ණය සුරැකුම් සැපයීම සඳහා, සමාගම් පනතේ විධිවිධාන යටතේ පොදු සීමිත සමාගමක් ලෙස 'ජාතික ණය සුරැකුම් ආයතනය' පිහිටුවීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.