• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැඩි නියං තත්ත්වය හේතුවෙන් වනාන්තර ආශ්‍රිතව උද්ගත වි ඇති අහිතකර තත්ත්වයන් පාලනය කිරීම
- උතුර, නැ‍ඟෙනහිර, උතුරුමැද හා වයඹ යන පළාත්වල දැනට පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි වනාන්තරවල ගිනිගැනීම් ඇති වීම, වනසතුන් මිය යාම, ජලය සොයා වනසතුන් ගම්වැදීම වැනි අහිතකර තත්ත්වයන් උද්ගත වී ඇත. මෙම තත්ත්වය සාර්ථකව පාලනය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අනෙකුත් රාජ්‍ය ආයතනවල සහාය ලබාගත යුතුව ඇත.

ඒ අනුව, නියං තත්ත්වය හේතුවෙන් වනාන්තර ආශ්‍රිතව උද්ගත වී ඇති ඉහත සඳහන් අහිතකර තත්ත්වයන් පාලනය කිරීම සඳහා වන යෝජිත ක්‍රියාකාරකම්, අදාළ නිලධාරින්ගෙන් සමන්විත ප්‍රාදේශීය කමිටු හා දිස්ත්‍රික් කමිටු මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.