• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පින්නවල අලි අනාථාගාරය පිහිටා ඇති ඉඩම, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම
- ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පාලනය කෙරෙන 'පින්නවල අලි අනාථාගාරය', ආසියානු අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ හා අභිජනන කටයුතුවල නියුතු මධ්‍යස්ථානයක් වන අතර, එය දෙස් විදෙස් සංචාරකයින් රැසකගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත. මෙම අලි අනාථාගාරය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්, එම අනාථාගාරය පිහිටි අක්කර 26යි, පර්චස් 5.8ක ප්‍රමාණයකින් යුතු ඉඩම, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත ස්ථිර වශයෙන් පවරාගැනීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.