• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය කාර්යක්ෂමව හා වඩා ඵලදායිව ඉටු කිරීම සඳහා උපදේශක සේවාවන් ලබාගැනීම
- කාලගුණික විපර්යාස හේතුවෙන් ස්වාභාවික ආපදා ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වී ඇති අතර ඒ හා සමගාමීව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදු වන ආපදාවන්ද වර්ධනය වෙමින් පවතී. මෙවැනි ආපදා තත්ත්ව කළමනාකරණය කිරීම කාර්යක්ෂමව හා ඵලදායීව දීර්ඝ කාලීන සැලස්මක් අනුව සිදු කිරීමේ අවශ්‍යතාව පැනනැඟී ඇත. ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගැනීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු, මෙම විෂය හා සම්බන්ධ විශේෂඥයින්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.