• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහලු පර්යන්තය නවීකරණය කිරීම
- විශාල නැව් හැසිරවීමට හැකි වන පරිදි, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ජය බහලු පර්යන්තයේ(JCT) ධාරිතාව කඩිනමින් වැඩිදියුණු කළ යුතුව ඇත. ඒ අනුව, එම පර්යන්තයේ V වන අදියරේ නවීකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.