• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර හෙද පුහුණු පාසලේ අධ්‍යයන හා පරිපාලන ගොඩනැඟිල්ල ඉදි කිරීම
- ගුණාත්මක සෞඛ්‍ය සේවයක් සැපයීම පිණිස හෙද පුහුණුව සඳහා බඳවා ගනු ලබන අභ්‍යාසලාභීන් සංඛ්‍යාව වැඩි කිරීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළ දැඩි අපහසුතා මධ්‍යයේ දැනට පවත්වාගෙන යනු ලබන කළුතර හෙද විදුහල සඳහා අධ්‍යයන හා පරිපාලන ගොඩනැඟිල්ලක් අලුතින් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 714.2ක (බදු සහිත) මුදලකට ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.