• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගංවතුර හා නායයාම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වතුකර ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම
- 2017 වර්ෂයේ මැයි මාසයේ ගාල්ල, රත්නපුර, කෑගල්ල, හැටන් හා බදුල්ල යන ප්‍රදේශවල ඇති වූ ගංවතුර හා නායයාම් තත්ත්වය හේතුවෙන් වතු ආශ්‍රිතව වෙසෙන පවුල් 872ක් පමණ දැඩිව පීඩාවට පත් වූ අතර, ඔවුන්ගේ වත්කම් බොහොමයක් ද විනාශයට පත් විය. එලෙස පීඩාවට පත් වූ ජනතාව දැනට තාවකාලික නවාතැන්වල හා පොදු ස්ථානවල වාසය කරන අතර, ඔවුන්ව නැවත පදිංචි කර හානියට පත්ව ඇති යටිතල පහසුකම් අලුත්වැඩියා කළ යුතුව ඇත.

ඒ අනුව, රුපියල් මිලියන 500ක වියදමින් එම පුද්ගලයන් නැවත පදිංචි කරවීම සඳහා සුදුසු ඉඩම් කොටස් හඳුනාගෙන නව නිවාස ඉදි කිරීමටත්, හානියට ලක් වූ අනෙකුත් නිවාස සඳහා සෙවිලි තහඩු ලබා දීමටත්, ආපදාවන්ගෙන් පීඩාවට පත් වතු ප්‍රදේශ ආශ්‍රිතව වැසිකිළි ඉදි කිරීමටත්, ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, ජල ටැංකි ලබා දීමටත්, ආපදාවෙන් හානියට පත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීමටත්, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.