• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාලාව නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් පවරා ගැනීම
- පසුගිය වසරේදී කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරු භූමියේ පිහිටි අවි ගබඩාව පුපුරා යාම හේතුවෙන් රජයේ හා පෞද්ගලික දේපළ රැසකට හානි සිදුවිය. එම පිපිරීමෙන් හානියට පත් ගොඩනැඟිලි හා නගරය ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද 'විශේෂ කමිටුව' විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, පහත සඳහන් ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එකඟතාව පරිදි සාලාව යුද්ධ හමුදා කඳවුරු භූමියෙන් අක්කර 04 රූඩ් 2 පර්චස් 24.40ක භූමි ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිදහස් දීමනාවක් වශයෙන් පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

ප්‍රධාන මාර්ගය මංතීරු හතරක් ලෙස පුළුල් කිරීම.
බැංකු ශාඛා සඳහා ඉඩම් වෙන් කිරීම.
ප්‍රජා ශාලාව ඉදි කිරීම.
සුපිරි වෙළඳ සංකීර්ණය ඉදි කිරීම.
කඩ කාමර 35ක් ඉදි කිරීම.
ළමා උද්‍යානයක් හා ක්‍රීඩාංගණයක් ඉදි කිරීම.
ආහාර අලෙවි කරන ස්ථාන ඉදි කිරීම.