• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සඳහා පාලක මණ්ඩලයක් පත් කිරීම
- රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ කර්තව්‍යයන් නිර්මාණාත්මකව හා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා මෙන්ම ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස එම උද්‍යානය සඳහා පාලක මණ්ඩලයක් පත් කිරීම යෝග්‍ය බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයන් හා අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් පත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.