• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගංවතුර ආපදා අවස්ථාවන්හිදී විපතට පත් වන පුද්ගලයින්ගේ ජීවිත බේරාගැනීම සඳහා යොදාගැනීම පිණිස විශේෂ බෝට්ටු 100 ක් නිෂ්පාදනය කරගැනීම
- ගංවතුර ආපදාවන්‍හිදී විපතට පත් වන පුද්ගලයින්ගේ ජීවිත බේරාගැනීම සඳහාත්, ගංවතුරට කොටු වී සිටින පුද්ගලයින්ට ආහාරපාන ඇතුළු මූලික අවශ්‍යතා සැපයීමටත් බෝට්ටු යොදාගැනීමට සිදු වේ. මෙහිදී ප්‍රමාණවත් බෝට්ටු සංඛ්‍යාවක් ලබාගැනීමට නොහැකි වීමත්, ඇතැම් බෝට්ටුවල අත්‍යවශ්‍ය මූලික උපාංග නොමැතිවීමත් පසුගිය ගංවතුර අවස්ථාවලදී මුහුණ දීමට සිදු වූ ප්‍රධාන ගැටලුවක් විය. මෙයට පිළියමක් වශයෙන්, ගංවතුර ආපදා අවස්ථාවන්හි දී ප්‍රයෝජනයට ගත හැකි විශේෂ බෝට්ටුවක් නාවික හමුදාව විසින් නිර්මාණය කර ඇත. එය රාත්‍රී කාලයේදී ද සෙවීම් හා මුදවා ගැනීමේ කටයුතු හා සහන සේවා කටයුතු සඳහා යොදා ගැනීමට හැකි අතර ජීවිත ආරක්ෂක කබා, විදුලි පන්දම්, සූර්යකෝෂ, ප්‍රථමාධාර කට්ටල, සන්නිවේදන උපකරණවලින් සමන්විත වන අතර එකවර 10 දෙනෙකුට පමණ ගමන් කළ හැක. ඒ අනුව, එකී විශේෂ බෝට්ටු 100ක් නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරවා ගැනීමටත්, ගංවතුර ආපදාවට ලක් වීමේ අවදානම ඉහළ ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ ආශ්‍රිතව එකී බෝට්ටු ස්ථානගත කිරීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.