• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සෙවණ' දිනුම් අදිනු ලබන නව ලොතරැයියේ සුපිරි ත්‍යාගය ලෙස නව නිවසක් ලබා දීම
- ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන ‍'සෙවණ' ක්ෂණික ලොතරැයියට අමතරව, 'සෙවණ' නමින් දිනුම් අදිනු ලබන ලොතරැයියක් 2017‑06‑23 දිනට යෙදී තිබූ ජාතික නිවාස දිනයට සමගාමීව වෙළඳ පොළට නිකුත් කරනු ලැබ ඇති අතර, එහි ප්‍රථම දිනුම් ඇදීම 2017‑07‑27 දින සිදු කිරීමට නියමිතය. මෙම ලොතරැයියේ සුපිරි ත්‍යාගය ලෙස කොළඹට තදාසන්න ප්‍රදේශයකින් හෝ වෙනත් නාගරික ප්‍රදේශයකට ආසන්නව සියලු පහසුකම්වලින් සමන්විත නව නිවසක් පිරිනැමීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිර්දේශ කරනු ලබන ආයතනයකින් ත්‍යාග සඳහා පිරිනමනු ලබන නිවාස මිලට ගැනීමටත්, මෙම ලොතරැයියේ අලෙවි ආදායමෙන් අදාළ දායක මුදල් සෙවණ අරමුදලට ලබා දීමටත් විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.