• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෑමැඩිල්ල ජලාශයට යට වූ ඉඩම් වෙනුවට ලබා දුන් ඉඩම් මොරගහකන්ද ව්‍යාපාරයට අත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට වන්දි ගෙවීම
- මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, ගලේවෙල හා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන ලද වෑමැඩිල්ල ජලාශ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත් කරගැනීමේදී ඉඩම් අහිමි වූ පුද්ගලයින් වෙත කන්දේපිටවල ජලාශ යෝජනා ක්‍රමය යටතේ ලග්ගල - පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 2008 වර්ෂයේදී ඉඩම් ලබා දෙනු ලැබ තිබේ. එහෙත් එලෙස ලබා දෙන ලද ඉඩම්, මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා නැවත රජයට අත්කර ගැනීමට කටයුතු කරනු ලැබ ඇති බැවින්, එසේ ඉඩම් අහිමි වූ පුද්ගලයින් 53 දෙනෙකු සඳහා විකල්ප ඉඩම් වෙනුවට මුදලින් වන්දි පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.