• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ කාර්යමණ්ඩලය සඳහා නේවාසික පහසුකම් සැලසීම
- ත්‍රිවිධ හමුදා හා රාජ්‍ය සේවයෙහි මාණ්ඩලික නිලධාරින් හට උසස් තනතුරුවල වගකීම් දැරීමට, මෙහෙයවීමට මෙන්ම පැවරෙන කාර්යයන් කාර්යක්ෂමව ඉටු කිරීම පිණිස පුහුණු කිරීම සඳහා පිහිටුවා ඇති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය මඟින් දේශීය හා විදේශීය නිලධාරින් 130කට වැඩි පිරිසක් පුහුණුව ලබා වාර්ෂිකව විසිර යනු ලැබේ. මෙම විද්‍යාලයේ කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වා ගෙන යාම සඳහා එහි කාර්ය මණ්ඩලයට අයත් ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සහ සෙසු නිලයන්ට අයත් නිලධාරින් සඳහා නේවාසික පහසුකම් සැලසීම පිණිස නව තෙමහල්‍ ගොඩනැඟිල්ලක් සහ සිව්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.