• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සහස්‍ර අභියෝග සංස්ථාව සහ ශ්‍රී ලංකා රජය අතර ප්‍රදානය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම
- ආර්ථික වර්ධනය ඇති කිරීම මඟින් තෝරාගනු ලබන රටවල්වල දිගුකාලීන ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන ඇ‍මරිකා එක්සත් ජනපද විදේශ ආධාර නියෝජිතායතනයක් වන 'සහස්‍ර අභියෝගතා සංස්ථාව' (Millennium Challenge Corporation - MCC) විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනයට හේතුවන අයුරින් වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක ප්‍රදානයක් ඉදිරි පස් වසරක කාල සීමාව තුළ ලබා දීමට නියමිතය. එම ප්‍රදානය ලබාගැනීමට සහ ඒ යටතේ වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහස්‍ර අභියෝගතා සංස්ථාව සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමකට එළඹීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.