• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් සිසුන්ගේ ගමනාගමන පහසුව සඳහා යෙදවීම පිණිස බස් රථ මිල දී ගැනීම
- ප්‍රවාහන දුෂ්කරතා අවම කරමින් පාසල් සිසුදරුවන් වෙත සුරක්ෂිත ගමනාගමන පහසුකම් සැලසීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, උතුරු මැද පළාතේ දුෂ්කර අධ්‍යාපන කලාප 04ක පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මගී ප්‍රවාහන බස් රථ ලබා දීමට යෝජනා වී ඇත. ඒ අනුව, 'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහන යටතේ ආරම්භ කරනු ලබන නියමු වැඩසටහනක් වශයෙන් රුපියල් මිලියන 12.86ක පිරිවැයක් දරමින් මගී බස් රථ 04ක් මිල දී ගෙන මේ සඳහා ලබා දීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.