• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ආර්ථික සහයෝගිතාව සහ ආයෝජන සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
- ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පවතින වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, අතිගරු ජනාධිපතිතුමාගේ එළඹෙන බංග්ලාදේශ නිල සංචාරය අතරතුරදී පහත සඳහන් අවබෝධතා ගිවිසුම් දෙක (02) අත්සන් කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

දෙරට අතර ආර්ථික සහයෝගිතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුම.

ආයෝජන සහයෝගිතාව සඳහා බංග්ලාදේශ ආයෝජන සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර වන අවබෝධතා ගිවිසුම.