• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජනමාධ්‍ය අයිතිය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් මහජන කතිකාවක් ආරම්භ කිරීම
- ජනමාධ්‍ය අයිතිය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් මහජන කතිකාවක් ආරම්භ කිරීම පිණිස වූ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, ඊට අදාළ සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් සියලු ජනකොටස් නියෝජනය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් මහජන උපදේශන ක්‍රියාවලියක් සිදු කරනු ලැබ ඇත. එසේම, එවකට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් මහා සංඝරත්නය, පුවත්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා පුවත් පැමිණිලි කොමිසම හා පෞද්ගලික මාධ්‍ය ආයතන කළමනාකරුවන් සමඟ උපදේශන සැසිවාර කිහිපයක් ද පවත්වනු ලැබ ඇත. ඒවායේදී ඉදිරිපත් වූ අදාළ සියලු කරුණු සැලකිල්ලට ගෙන, යෝජිත පනත් කෙටුම්පත සැකසීමේ අවසන් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරි කටයුතු කරගෙන යාම පිණිස මාස 02ක් ඇතුළත අදාළ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කිරීමටත්, දැනට සිවිල් සමාජ හා අර්ධ රාජ්‍ය මට්ටමෙන් ආරම්භ කර ඇති මෙම ක්‍රියාදාමය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ඉදිරියට ගෙන යාමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: