• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තොරතුරු හා විකාශනය පිළිබඳව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
- දෙරට අතර කාලීන පුවත් හා රූපවාහිනී වැඩසටහන් මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ සාර්ථක අත්දැකීම් හා නව තාක්ෂණය හුවමාරු කරගැනීමේ අරමුණින්, අතිගරු ජනාධිපතිතුමාගේ එළඹෙන බංග්ලාදේශ නිල සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා බංග්ලාදේශ මහජන ජනරජය අතර තොරතුරු හා විකාශනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.